Sports

එංගලන්තය පරදා ද. අප්‍රිකාව රග්බි ලෝක කුසලානය දිනා ගනී

COLOMBO (News 1st) : දකුණු අප්‍රිකා කණ්ඩායම 2019 ලෝක කුසලාන රග්බි තරගාවලියේ ශූරතාව අද දිනා ගත්තේ ය. ඒ අවසන් මහා තරගයේදී ලකුණු 32ට 12 ක් ලෙස එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කරමිනි. ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගය ජපානයේ යොකොහාමාහිදී පැවැත්විය. දකුණු අප්‍රිකා කණ්ඩායම ලෝක කුසලාන රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගත් 3 වන අවස්ථාව මෙයයි.

The post එංගලන්තය පරදා ද. අප්‍රිකාව රග්බි ලෝක කුසලානය දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.