Gossips

පෙළපොත් මුද්‍රණයේ ගැටලුවක්

පුරවැසි අධ්‍යාපනය විෂය ධාරාවට අයත් පෙළපොතක මුද්‍රණ දෝෂයක් හේතුවෙන් පොත් 19,000 ක් පමණ නැවත රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙත රැගෙනවිත් ඇති බව වාර්තා වනවා.
රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ අදාළ පෙළපොතේ වැරදි නිවැරදි කර ලබන සතිය තුළ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදීමට කටයුතු කරන බවයි.
මෙම වර්ෂයට අවශ්‍ය පාසල් පෙළ පොත් ලක්ෂ 05ක් පමණ මුද්‍රණය සඳහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ලබාදී ඇති අතර, මුද්‍රණ දෝෂ තිබූ පොත් 19000 හැර අනෙකුත් සියලු පොත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත භාරදී ඇති බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනිය කියා සිටියේ.