Gossips

ඉතාලි මහමැතිවරණයට සියල්ල සූදානම්

හෙට (04) පැවැත්වෙන ඉතාලි මහ මැතිවරණය වෙනුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ පැවැත්වූ ජන රැළි ඊයේ (02) අවසන් වුණා.
මෙවර මැතිවරණය පාලක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, තරු පහේ ව්‍යාපාරය සහ සංක්‍රමණික විරෝධී උතුරු ලීගය අතර තුන්කොන් සටනක් බවට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
මෙහිදී හිටපු අගමැති සිල්වියෝ බර්ලස්කෝනිගේ මධ්‍ය දක්ෂිණාංෂික සන්ධානය ජයග්‍රහණය කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
කෙසේ නමුත්, බදු වංචා නිසා පැනවුණු තහංචියක් හේතුවෙන් ඔහුට ලබන වසර වනතුරු ඉතාලියේ මහජන නියෝජිතයෙකු ලෙස පත්වීමට හැකියාවක් නැහැ.
මේ නිසා ඔහු පක්ෂයේ තේරීම ලෙස යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපති අන්තෝනියෝ ටජානි ට සහය පළ කරනවා.