Gossips

අතර මඟදී දිවි එපා වූ 30 හැවිරිදි තරුණයා (ඡායාරූප)

බදුල්ලේ සිට මහනුවර දක්වා ධාවනය වූ දුම්රියකට පැන බරපතල ලෙස තුවාල ලැබූ තරුණයෙකු නුවරඑළිය මුලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
ඊයේ (02) රාත්‍රි 7.30 ට පමණ මෙම තරුණයා තලවාකැලේ, සෙන්ටික්ලෙයාර් ප්‍රදේශයේ දී දුම්රියට පැන ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ තරුණයා දුම්රිය ආරක්ෂක අංශ නිලධාරින් විිසින් දුම්රියෙන් රැගෙන විත් කොටගල දුම්රිය ස්ථානය වෙත භාරදීමෙන් පසු එම තරුණයා කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
එහිදී බරපතල තත්වයේ පසුවූ එම තරුණයා නුවරඑළිය මුලික රෝහල වෙත මාරුකර යැවූ බවයි තලවාකැලේ පොලිසිය කියා සිටියේ.
මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ නුවරඑළිය, බැලැක්ෆුල් ප්‍රදේශයේ පදිංචි එස්. චානක නැමති 30 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඊයේ (02) පස්වරුවේ අදාල තරුණයා තලවාකැලේ ප්‍රදේශයේ පදිංචිව සිටි පෙම්වතිය බැලිමට ගොස් ඇති අතර එහිදී දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් පත් සිත් තැවුලක් හේතුවෙන් සියදිවි හානිකර ගැනීමේ පරමාර්ථයෙන් දුම්රියට පන ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
දුම්රියට පැන තුවාල ලැබූ තරුණයා පැමිණි වෑන් රථය හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ තලවාකැලේ, සෙන්ටිකෙලයාර් ප්‍රදේශයේ නවතා තිබියදී පොලිසිය සොයාගෙන තිබෙනවා.

ඡායාරූප – හැටන්, රංජිත් රාජපක්ෂ