Politics Sri Lanka

විගණන පනතට ජවිපෙන් සංශෝධන

විගණන පනතට ජවිපෙන් සංශෝධන

ජාතික විගණන පනත බලවත් කිරීමට අවශ්‍ය සංශෝධන කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙයි.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා පවසන්නේ ජාතික විගණන පනතෙහි ඇතුළත් අධිභාර පැනවීම ඉවත් කිරීම ඇතුළු කරුණු ගණනාවක වෙනස්කම් සිදුකිරීමට කටයුතු කර තිබෙන බවය.

ජාතික විගණන පනතේ හරයට හානිවන වෙනත් සංශෝධන ගෙන එනවා නම්, ඊට ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ බවත් ඒ අනුව එය ශක්තිමත් කළ හැකි සංශෝධන ඇතුළත් කිරීමට සූදානම් බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටියේය.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කෙළේ හොරකමට පක්ෂ හා විපක්ෂ කවුරුන්ද යන්න එකී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනයේ දැනගත හැකි වනු ඇති බවය.