Gossips

පිපිරීම් වලින් තුවාල ලැබූවන්ට අවශ්‍ය ලේ පරිත්‍යාග කිරීමට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට විශාල පිරිසක්

දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවු පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 141ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ මියගිය 45 දෙනෙකුගේ සිරුරු කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති බවයි.
මීගමුව රෝහලේ මළ සිරුරු 62 ක් මඩකලපුව රෝහලේ සිරුරු 27 ක් සහ රාගම රෝහලේ සිරුරු 7ක් තැන්පත් කර ඇති බව සඳහන්.
කොළඹ ජාතික රෝහලේ ඇති මළ සිරුරු අතර විදේශිකයන් 09 දෙනෙකුගේ ද සිරුරු වනවා.
තුවාල ලැබු 250කට වැඩි පිරිසක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් බලධාරීන් කියාසිටියේ.
මේ අතර මෙම පිපිරීම් වලින් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ලේ පරිත්‍යාග කිරීම සඳහා විශාල පිරිසක් නාරාහේන්පිට පිහිටි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙත පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් එම මධ්‍යස්ථානය තුල දැඩි තදබදයක් පවතින බව සඳහන්.