Gossips

රාජස්ථාන් රෝයල්ස් පිලේ නායකත්වයෙන් අජින්ක්‍යා රහනේ ඉවත් කරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙතෙක් පැවති තරගවලදී දස්කම් දැක්වීමට අපොහොසත් වූ රාජස්ථාන් රෝයල්ස් පිලේ නායකත්වයෙන් අජින්ක්‍යා රහනේ ඉවත් කර තිබෙනවා.
ඒ වෙනුවට පත්කර ඇත්තේ රාජස්ථාන් පිලේ විදේශීය ක්‍රීඩකයෙකු වන ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීවන් ස්මිත්.
ඔහු දකුණු අප්‍රිකාවේදී පන්දුව පලූදු කිරීමේ වරදට වසරක ක්‍රිකට් තහනමකට ලක්වී නැවත පිටියට පිවිසියේ අයි.පී.එල්. තරගාවලියෙන්.
ස්ටීවන් ස්මිත් ලෝක කුසලාන තරගාවලිය සඳහා යළි ඕස්ට්‍රේලියානු ජාතික පිලටද එක්වීමට නියමිතයි.