Gossips

පිපිරීම්වලින් තුවාල ලැබුවන්ගෙන් පිරිසක් කලුබෝවිලට මාරු කෙරේ

පිපිරීම්වලින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පිරිසෙන් කොටසක් කළුබෝවිල රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
මේ අතර මීගමුව රෝහලටද තුවාලකරුවන් විශාල සංඛ්‍යාවක් ඇතුලත් කර ඇති බවයි වාර්තාවන්නේ.
එමෙන්ම මඩකලපුව මහ රෝහලටද පිපිරීම්වලින් තුවාල ලැබූවන් විශාල පිරිසක් ඇතුළත් කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
මඩකලපුව සියොන් දේවස්ථානයේ සිදුවූ පිපිරීමෙන් 25 දෙනෙකු මියගොස් ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තාවී ඇති අතර, කොළඹ සිදුවූ පිපිරීම්වලින් 23 දෙනෙකු මියගොස් ඇති බව කොළඹ ජාතික රෝහල සනාථ කළා.
මේ අතර මතුව ඇති තත්ත්වයත් සමඟ සියලූම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළා.