Gossips

පිපිරීම්වලින් මියගිය 40කගේ සිරුරු ජාතික රෝහලේ

පිපිරීම්වලින් මියගිය පුද්ගලයන් 40 දෙනෙකුගේ පමණ මළ සිරුරු මේ වනවිට ජාතික රෝහලේ තිබෙන බව එම රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් ප්‍රකාශ කළා.
තවත් 290 ක් පමණ තුවාලකරුවන් රෝහලට ඇතුලත් කර ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර මතුව ඇති තත්ත්වයත් සමඟ සියලූම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළා.