Gossips

අදත් පළාත් කිිහිපයකට වැසි සහිත කාලගුණයක්

දිවයිනේ පළාත් කිහිපයක අද දිනයේත් වැසි සහිත කාලගුණයක් දක්නට ලැබෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඌව පළාත, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වන අතර, උතුරු පළාත හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පස්වරු 2 න් පසු වැසි ඇති විය හැකියි.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 දක්වා තරමක් තද වැසි අපේක්ෂා කෙරෙනවා.
එමෙන්ම, වැසි ඇති වනවිට මුහුුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 80 දක්වා තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.