Gossips

ඩොලර් මිලියන 130 ක මුදල් බලයෙන් පහකළ සුඩාන ජනපතිගේ නිවසේ

බලයෙන් පහ කළ සුඩානයේ හිටපු ජනපති ඕමාර් අල් බෂීර්ගේ නිවසේ තිබී ඇමරිකානු ඩොලර් මිලියන 130 කට අධික මුදල් තොගයක් සොයාගෙන තිබෙනවා.
ඊට ඇමරිකානු ඩොලර් තුන්ලක්ෂ පනස් එක්දහසක්, යුරෝ මිලියන 6 ක් සහ සුඩාන පවුම් බිලියන 5 ක් ඇතුළත් වූ බවයි එරට වත්මන් පාලනය ප්‍රකාශ කර ඇත්තේ.
සති ගණනාවක් තිස්සේ පැවති විරෝධතාවයෙන් අනතුරුව සුඩාන හමුදාව ජනපති බෂීර් පසුගිය අප්‍රේල් 11 වනදා බලයෙන් පහකළ අතර, ඔහු මේ වනවිට අධිආරක්ෂිත බන්ධනාගාරයක රඳවා සිටිනවා.
වසර 30 ක් සුඩානයේ පාලකයා වූ ඕමාර් අල් බෂීර්, බටහිරදිග ඩාෆූර් කලාපයේ පැවති සිවිල් යුද්ධයේදී යුද අපරාධ සිදුකළ බවට ජාත්‍යන්තර අපරාධ අධිකරණය මගින් ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබෙනවා.
කෙසේ නමුත් සුඩාන හමුදාව ප්‍රකාශ කළේ ඔහු තම රට තුළ අධිකරණ විභාගයකට යොමු කළද ජාත්‍යන්තර අධිකරණය වෙත ඉදිරිපත් නොකරන බවයි.