Gossips

රාජස්ථාන් කණ්ඩායම, මුම්බායි පිල පරදවයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගයකදී මුම්බායි ඉන්දියන්ස් පිල පරදවා කඩුලූ 5 ක ජයක් ලැබීමට රාජස්ථාන් රෝයල්ස් පිල සමත්වුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි පිල කඩුලූ 5 ක් දැවී ලකුණු 161 ක් රැස් කළ අතර, රාජස්ථාන් පිල පන්දු වාර 19 යි එක් පන්දුවකදී කඩුලූ 5 ක් දැවී ලකුණු 162 ක් ලබමින් තරගයේ ජය හිමිකරගත්තා.
එහිදී ලසිත් මාලිංග පන්දු වාර 3 යි එක් පන්දුවක් යවමින් ලකුණු 27 ක් ලබාදුන් අතර, කඩුලූ ලබාගැනීමට සමත්වූයේ නැහැ.
රාහුල් චහාර් ලකුණු 29 කට කඩුලූ 3 ක් බිඳ හෙලූවා.
මෙම තරගයෙන් පරාජය වුවද මාලිංග නියෝජනය කරන මුම්බායි ඉන්දියන්ස් පිල මේ වනවිට තරග 10 කින් 6 ක් ජයග්‍රහණය කොට ලකුණු සටහනේ දෙවන තැන රැඳී සිටිනවා.
ඊයේ පැවති තවත් තරගයකදී කිංග්ස් ඉලෙවන් පන්ජාබ් පිල පරදවා කඩුලූ 5ක ජයක් ලැබීමට දිල්ලි කැපිටල්ස් පිල සමත්වුණා.