Gossips

බස්නාහිර පළාත් සභාව අද මැදියම් රැයෙන් අවසන්

බස්නාහිර පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.
මේ වනවිට පළාත් සභා 7 ක නිල කාලය අවසන් වී ඇති අතර, ඒ සියල්ල මේ වනවිට පාලනය කරනු ලබන්නේ ආණ්ඩුකාරවරුන් විසින්.
සබරගමුව, නැගෙනහිර හා උතුරුමැද පළාත් සභාවල නිල කාලය 2017 වසරේ සැප්තැම්බර් මාසයේදී, අවසන් වූ අතර, එම පළාත් සභා ආණ්ඩුකාරවරුන් යටතට පත්වී මේ වනවිට වසරකුත් මාස 7 ක් ගතවනවා.
එමෙන්ම, පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ නිල කාලය අවසන් වී මේ වනවිට මාස 7 ක කාලයක් ගත වන මධ්‍යම, වයඹ සහ උතුර පළාත් සභා ද මේ වනවිට පාලනය වන්නේ ආණ්ඩුකාරවරුන් යටතේයි.
දකුණු පළාත් සභාවේ නිල කාලය ද පසුගිය 10 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.
ඒ අනුව, අද මධ්‍යම රාත්‍රියෙන් පසු ඌව පළාත් සභාව පමණක් ක්‍රියාත්මක අතර එහි නිල කාලය ද ඔක්තෝම්බර් 8 වනදායින් අවසන් වනවා.
කෙසේ වෙතත්, නිල කාලය අවසන් වූ පළාත් සභාවල ඡන්ද විමසීමක් පැවැත්වීමට හෝ ඒ සදහා දිනයක් ආණ්ඩුව විසින් මෙතෙක් දැනුම්දී නැහැ.