Gossips

අවුරුදු නැකැත් සැකසීම ගැන අලූත් මතයක්

ශ්‍රී ලංකාවේ අවුරුදු නැකැත් සකස් කරනු ලබන්නේ ඉන්දියාවට හිරු මුදුන් වන දිනයට අනුව බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා පවසනවා.
ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවට හිරු මුදුන්වන දිනයට අනුව අපටම සුවිශේෂී වූ නැකැත් සකස් කර ගැනීම වඩාත් යෝග්‍ය බවයි.
ශ්‍රී ලංකාවේ අගනුවර වන ශ්‍රී ජයවර්ධනපුරට අප්‍රේල් මස 7 හෝ 8 යන දිනවල හිරු මුදුන් වන බව ප්‍රකාශ කළ ඔහු එය පදනම් කරගනිමින් සිංහල අලූත් අවුරුදු නැකත් සකස් කිරීමට ජ්‍යොතිෂඥයන්ට හැකියාව පවතින බවද කියා සිටියා.