Gossips

පාසල් දේපළවලට අලාභ හානි කළ තරුණයන් පිරිසක් පොලිස් භාරයට

කෝට්ටේ ජනාධිපති විද්‍යාලයීය නව පිහිනුම් තටාකයට අනවසරයෙන් ඇතුළු වී දේපළවලට අලාභහානි සිදුකළ බවට සැකකරන තරුණයින් පිරිසක් වැලිකඩ පොලිස් භාරයට ගෙන තිබෙනවා.
වැලිකඩ පොලිසිය සඳහන් කළේ එම තරුණයින් අවවාද කර මුදා හැරි බවයි.
කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ නව පිහිනුම් තටාකය පසුගිය පෙබරවාරි මාසයේදී නිල වශයෙන් විවෘත කළද එහි සංවර්ධන කටයුතු තවදුරටත් සිදුකෙරෙන බැවින් කොන්ත්‍රාත්කරුවන් එය පාසලට පූර්ණ වශයෙන් භාර දී නැහැ.
එසේ තිබියදී නිල විවෘත කිරීම සිදුකළ දිනයේ පටන් ප්‍රදේශවාසී තරුණයින් අනවසරයෙන් ඇතුළු වී එහි දේපළවලට පවා අලාභහානි කිරීම දිගින් දිගටම සිදු වූ බවට පාසල් බලධාරීන් චෝදනා කරනවා.
පාසල් බලධාරීන් පවසන්නේ එලෙස පැමිණෙන තරුණයින් එහි දේපළවලටද හානි සිදුකරන අතර ඔවුන් හසුකර ගැනීමට මේ දක්වා නොහැකි වූ බවයි.
කෙසේ වෙතත් අද පෙරවරුවේ එලෙස පැමිණි තරුණයින් පිරිසක් පිළිබඳ පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම්දීමෙන් පසු හසුකර ගැනීමට හැකිවී තිබෙනවා.
වැලිකඩ පොලිස් නිලධාරීන් භාරයට ගැනුණු තරුණයින් 21 දෙනා අවවාද කිරීමෙන් පසු මව්පියන්ට භාරදුන් බව පොලිසිය සඳහන් කළා.

rn