Gossips

වගකීමට සූදානම් – කරූ, කියයි

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සදහා තම නම යෝජනා වුවහොත් ඒ පිලිබද සලකා බැලීමට සූදානම් බව කතානායක කරූ ජයසූරිය පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් අද බැහැදැක නව වසරට ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
මේ අතර, හම්බන්තොට – සිසිලසගම ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියා සිටියේ ජනතාව ඡන්දය ලබාදීමේදී සැබෑ ජනතා සේවකයින් තෝරා ගත යුතු බවයි.
එමෙන්ම, මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ දේශපාලන දිවියට දශක 3 ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කර ඇති ‘‘දශක 3 ක මාතර කතාව’’ නම් ඡායාරූප ප්‍රදර්ශනය අද ආරම්භ වූ අතර එහිදි මාධ්‍යවේදීන් කොළඹ හෝටලයකදී සිදුකළ බව පැවසෙන විශේෂ සාකච්ඡාවක් පිළිබඳව මුදල් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ එලෙස සාකච්ඡා කිරීම කුමන්ත්‍රණයක් වන්නේ ද යන්නයි.