Gossips

CID භාරයට ගත් දයාන් බුද්ධිම රැදවුම් නියෝග මත තවදුරටත් ප්‍රශ්ණ කෙරේ

පාතාල නායක මාකදුරේ මදූෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ දයාන් බුද්ධිම පෙරේරා නමැත්තාගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය රැදවුම් නියෝග මත තවදුරටත් ප්‍රශ්න කරමින් සිටිනවා.
ඒ සම්බන්ධයෙන් අලූත්කඬේ අධිකරණයට ද කරුණු වාර්තා කර ඇති බවයි එම කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
පසුගිය බදාදා මෙරටට පිටුවහල් කරනු ලැබූ 39 හැවිරිදි දයාන් බුද්ධිම පෙරේරා අහුංගල්ල – බෝගහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මොහුත් සමඟ එදින තවත් 05 දෙනෙකු මෙරටට පිටුවහල් කෙරුණු අතර ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනීමෙන් පසුව දයාන් බුද්ධිම පෙරේරා නමැත්තා වැඩිදුර ප්‍රශ්ණ කිරීම් සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාර දෙනු ලැබුවා.