Gossips

ඉදිරි පැය කිහිපයේ ප්‍රදේශ රැසකට කෙටි කාලීන තද සුළං

මධ්‍යම, සබරගමුව, වයඹ, බස්නාහිර පළාත්වලට මෙන්ම, අනුරාධපුර, ගාල්ල, මාතර, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලට ඉදිරි පැය හතහමාරක කාලය තුළ පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර කෙටිකාලීන තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම, ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් ද පවතින බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
අකුණු පවතින අවස්ථාවලදී එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර, ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැදී සිටින ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ.
එමෙන්ම, රැහැන් සහිත දුරකථන සහ විදුලි උපකරණ භාවිතයෙන් වැලකී සිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරන්නේ.