Gossips

ජපානයට යවන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු කොල්ලූපිටියේදී අල්ලයි

කොල්ලූපිටිය – ගාලූමුවදොර වටරවුම ප්‍රදේශයේදී වෙනත් පුද්ගලයින්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 6 ක්, ව්‍යාජ ජපන් වීසා බලපත්‍ර 6 ක්, ටැබ් යන්ත්‍රයක් සහ පෙන් ඩ‍්‍රයිව් 02 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
36 හැවිරිදි සැකකරු වත්තල – හුණුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මොහු පුද්ගලයින් ජපානයට යවන බව පවසා මුදල් වංචා කර ඇති බවට කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කිහිපයක් ද ලැබී ඇති බවයි.