Gossips

දඟ පන්දුවෙන් ලොවක් හෙල්ලූ සුපිරි ක්‍රීඩකයාට නව වගකීමක්

නවසීලන්ත කණ්ඩායමේ හිටපු නායකයෙක් වන තුන් ඉරියව් ක්‍රීඩක ඩැනියල් විටෝරි බංගලාදේශ ප්‍රිමිය ලීග් තරඟාවලියට එක්වන රාජ්ෂයි කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත්කර තිබෙනවා.
2018 සහ 2019 පැවැත්වෙන තරඟාවලි සඳහා මෙම පත්කිරීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලිය නියෝජනය කරන රෝයල් චලෙන්ජස් බැංගලෝර් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද ඩැනියල් විටෝරි කරයුතු කරනු ලබනවා.
මීට අමතරව ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් තරඟාවලියේදී බ්‍රිස්ටන් හීට් කණ්ඩායම වෙනුවෙන් සිය අත්දැකීම් ලබා දෙමින් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.
ඩැනියල් විටෝරිගේ මෙම පත්කිරීම සම්බන්ධයෙන් රාජ්ෂයි කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන විධාක නිලධාරී තමිඩ් හුක් පවසා ඇත්තේ T20 ආකෘතියේ විශේෂඥ පුහුණුකරුවෙකු සහ දක්ෂ ක්‍රීඩකයෙකු ලෙස ඔහුගේ අත්දැකීම් දේශීය තරුණ ක්‍රීඩකයින්ට වැදගත් වන බවයි.