මහවැලි ගඟේ  දිය නාමින් සිටි තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 
විල්ගමුව – මාරක ගඟේ යාය ප්රදේශයේදී ඔහු ඊයේ පස්වරුවේ දිය නාමින් සිටියදීයි දියේ ගිලී ඇත්තේ. 
මිය ගොස් ඇති තරුණයා අක්මීමන – ගනේගොඩ ප්රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක්.  
ඔහු සිය හිතවතෙකුගේ නිවසකට පැමිණ සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.



