Gossips

මූල්‍ය දූෂණ චෝදනා ලැබූ ඉන්දියානුවෙක්, සිංගප්පූරුවෙන් ඇමරිකාවට පිටුවහල් කරයි

අන්තර්ජාල ඇමතුම් මධ්‍යස්ථාන හරහා මූල්‍ය වංචා සිදුකළ බවට චෝදනා එල්ල වූ ඉන්දියානුවෙක් සිංගප්පුරුවේ සිට ඇමරිකා එක්සත් ජනපදය වෙත පිටුවහල් කර තිබෙනවා.
මධුබායි පටෙල් නැමැති 42 හැවිරිදි මෙම ඉන්දියානුවා තම රටට පිටුවහල් කරන ලෙස ඇමරිකා එක්සත් ජනපදය විසින් සිංගප්පූරුවෙන් ඉල්ලීමක් කර තිබූ බවයි සිංගප්පූරු නීතිපතිවරයා සඳහන් කළේ.
ඔහු ඇමරිකාවේ සිටින ආසියාතිකයන් 15,000කගෙන් පමණ ඩොලර් මිලියන 230කට අධික ප්‍රමාණයක් වංචා කර ඇත්තේ ඇමරිකානු බදු සහ ආගමන විගමන නිලධාරීන් ලෙස පෙනී සිටිමින්.
එලෙස ඉපයූ මුදල් ඔහු විශුද්ධිකරණයට ලක් කර ඇති බව ද වාර්තා වනවා.