Gossips

දේවහූවේ අඹුසැමි යුවළ ඝාතනයට තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

ගලේවෙල – දේවහූව කීඇල ප්‍රදේශයේ අඹුසැමි යුවළක් තියුණු ආයුධයකින් පහරදී, වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ඊයේ රාත්‍රි අත්අඩංගුවට ගනු ලැබු සැකකරු ඝාතනයට ලක් වු කාන්තාවගේ බාල සහෝදරයා බවයි.
මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මියගිය කාන්තාවගේ වැඩිමහල් සහෝදරයා පොලීසිය අත්අඩංගුවට ගත්තේ ඊයේ පෙරවරුවේයි.
ඔහුගෙන් සිදු කරන ප්‍රශ්න කිරිම්වලින් අනතුරුවයි සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට ලක්වු කාන්තාවගේ බාල සහෝදරයා අත්අඩංගුවට ගනු ලැබුවේ.
එහිදී සැකකරු සතුව තිබී ඝාතනයට යොදාගත් පිහියක්ද පොලීසිය භාරයට ගෙන තිබෙනවා.
මෙම අඹුසැමි යුවළ සිය නිවස තුළදී ඝාතනයට ලක්වූයේ පසුගිය 15 වනදායි. ඉඩම් ආරවුලක් ද්විත්ව ඝාතනයට හේතුව ලෙස පොලීසිය සැක කරනවා.