Gossips

ඇමරිකානු රාජ්‍ය ලේකම්, උතුරු කොරියාව ගැන දැඩි ස්ථාවරයක

සාකච්ඡා නියෝජනයෙන් ඉවත් කරන්නැයි උතුරු කොරියාව ඉල්ලා සිටි ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ තමන් තවදුරටත් උතුරු කොරියානු සාකච්ඡා පිළිබඳ ප්‍රධානියා බව අවධාරණය කළා.
උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර වියට්නාමයේ පැවති සාකච්ඡා බිඳ වැටුණේ ද පොම්පියෝගේ දැඩි ස්ථාවරය හේතුවෙන්.
කෙසේ නමුත්, ජපානය හරහා උතුරු කොරියාව සමඟ එකඟතාවකට පැමිණීමට අදහස් කරන බව ජපාන විදේශ අමාත්‍ය තාරෝ කෝනෝ සමඟ වොෂින්ටනයේ ඊයේ පැවති සාකච්ඡාවකදී ඔහු කියා සිටියා.