Gossips

Explore Feed ගැන ෆේස්බුක් ගන්න යන අවසන් තීරණය

ෆේස්බුක් විසින් පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 6ක් මුලකරගනිමින් සිදුකළ අත්හදා බැලීම වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යලි යොමුව තිබෙනවා.
ඒ ෆේස්බුක් විසින් එම අත්හදා බැලීම අවසන් කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කිරීමත් සමඟයි.
මෙලෙස පසුගිය ඔක්තෝබර් මාසයේදී සිදුකළ නවතම අත්හදා බැලීම වූයේ News Feed අමතරව Explore Feed නම් විශේෂ කොටසක් ෆේස්බුක් වෙත එක්කිරීමයි.
කෙසේ වෙතත් මෙම අත්හදා බැලීම සිදුකළේ රටවල් 6 කට පමණක් වීම ද විශේෂත්වයක්.
එම රටවල් වන්නේ ශ්‍රී ලංකාව, බොලීවියාව,කාම්බෝජය,ගෝතමාලාව,සර්බියාව,ස්ලෝවේකියාව යි.
මෙම අත්හදා බැලීම මගින් හඳුන්වා දුන් Explore Feed නම් අමතර උපාංගයේ ඇතුලත් වූයේ ෆේස්බුක් ගිණුම හිමිකරු විසින් සිය කැමැත්ත පළකර ඇති ෆේස්බුක් පිටු විසින් පළකරන තොරතුරුයි.
මීට පෙර සියලු තොරතුරු ෆේස්බුක් ගිණුම හිමිකරුට සපයනු ලැබුවේ News Feed හරහායි.
සිදුකළ සමීක්ෂණ වලට අනුව මේ වනවිට අනාවරණ වී ඇත්තේ එම නව උපාංගය කෙරෙහි එතරම් සතුටුදායක ප්‍රතිචාර නොලැබී ඇති බවයි.
ඒ අනුවයි ඉදිරියේදී Explore Feed නම් අමතර උපාංගය ඉවත්කිරීම කෙරහි තම විශේෂ අවධානය යොමුව ඇති බව ෆේස්බුක් විසින් ප්‍රකාශ කර ඇත්තේ.