Gossips

ආහාර විෂ වී 42ක් මස්කෙළිය රෝහලේ

ආහාර විෂ වීමක් හේතුවෙන් පුද්ගලයින් හතලිස් දෙදෙනෙකු මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ නල්ලතන්නිය – ලක්ෂපාන වතුයායේ වතු කම්කරුවන් සහ කුඩා ළමුන් පිරිසක් මෙලෙස රෝහල් ගතකර ඇති බවයි.
මෙලෙස ආහාර විෂ වී රෝහල් ගතකර ඇත්තේ නල්ලතන්නිය – ලක්ෂපාන වතුයායේ කොවිලේ ඊයේ (19) පැවති උත්සවයක් අතර තුර දන්සලකින් ආහාර ලබාගත් පිරිසක්.
රෝහල් ගතකළ පිරිස අතර කුඩා ළමුන් 07 දෙනෙකු ද සිටින බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.
රෝහල් ගතකළ පිරිසගේ තත්ත්වය බරපතල නොවන බවයි නල්ලතන්නිය පොලිසිය පැවසුවේ.
ආහාර විෂ වීම සම්බන්ධයෙන් මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍යය අධිකාරි කාර්යාලය මඟින් පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.