Gossips

වැසි සමඟ ඩෙංගු රෝගය බෝවීමේ අවදානමක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය හිස එසවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.
පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවීමට සුදුසු පරිසරයක් නිර්මාණය වීමේ හැකියාවක් පැවතීම නිසා දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට පෙර එම පරිශ්‍ර පිරිසිදු කරන ලෙසයි වසංගත රෝග විද්‍යා ඒකකය ඉල්ලීමක් කරන්නේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර කියා සිටියේ මෙම තත්වය හේතුවෙන් නිවාස සහ ගෙවතුවල මදුරුවන් බෝවීමට හැකි ස්ථාන පිළිබඳව සැළකිලිමත් වන ලෙසයි.
මේ වසරේ මේ දක්වා කාලසීමාව තුළ හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 13,975 ක්. ඉන් සියයට 40.6 ක් වාර්තාවී ඇත්තේ බස්නාහිර පළාතෙන්.