Gossips

සහල් මිල අඩු වෙයි

මෙරට සහල් මිල පිළිබඳ දර්ශකය ලෙස සැලකෙන මරඳගහමුල වෙළඳපොලේ සහල් මිල පෙබරවාරි මාසයේදී කැපී පෙනෙන ලෙස අඩුවී තිබෙනවා.
එහිදී සම්බා සහ කැකුළු සහල් වර්ගවල මිල ගණන් පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 20 කින් පහත වැටී ඇති බවයි මහබැංකු දත්ත පෙන්වා දෙන්නේ.
දේශීය සහල් අස්වැන්න වෙළඳපොලට පැමිණීම මෙලෙස මිල පහත වැටීමට හේතුවයි.