Gossips

ලොව කුඩාම පිරිමි දරුවා ලෝකයට පිවිසෙන්න සූදානම්

වාර්තාගත ලෙස උපතේදී ග්‍රෑම් 258ක බරකින් සහ සෙන්ටිමීටර් 22ක් උසකින් යුක්තව ජපානයේ බිහි වූ ලොව කුඩාම පිරිමි දරුවා මේ වන විට නිරෝගී දරුවෙකු ලෙස වර්ධනය වී ඇති බව වාර්තා වනවා.
2018 වසරේ ඔක්තෝම්බර් 1 වන දා උපන් මෙම දරුවාට මුලදී මව්කිරි පෙවීම සඳහා පුළුන් රොදක් යොදා ගැනීමට සිදුවුවද දැන් කිරි පානය කිරීමටත්, ස්නානය කිරීමටත් සුදුසු තත්ත්වයක සිටින බව සඳහන්.
උපතේ සිට මාස 7ක කාලයක් තුළ එම ළදරුවා 13 ගුණයකින් වර්ධනය වී ඇති බවයි ජපානයේ නගානෝ ළමා රෝහල සඳහන් කළේ.
මෙම දරුවා බිහි වී ඇත්තේ පිළිසිඳගෙන සති 24ක් සහ දින 5ක කාලයකින්.
දරුවාගේ මව ගර්භනී කාලයේදී අධික රුධිර පීඩනයට ද ලක්වූ බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ.