Gossips

අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට තද වැසි

උතුර, නැගෙනහිර පළාත්වල හැර අනෙකුත් පළාත්වලට අද පස්වරු දෙකෙන් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම තත්ත්වය ඉදිරි දින කිහිපය තුළද පැවතිය හැකි බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ.
අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂපාතනය ලැබී ඇත්තේ රත්නපුර – දෙතනගල ප්‍රදේශයටයි. එය මිලිමීටර් 45.5 ක්.
කෙසේ වෙතත්, අනුරාධපුරට මිලිමීටර් දශම දෙකක වර්ෂාපතනයක් ඊයේ ලැබී ඇති අතර, පොලොන්නරුව, මන්නාරම, වව්නියාව, යාපනය යන දිස්ත්‍රික්කවලට සැලකිය යුතු වර්ෂාවක් ලැබී නැහැ.
ඉහල කොත්මලේ ජල විදුලි බලාගාර ජලාශය ආශ්‍රිත ප්‍රදේශයට ඊයේ දිනයේදී මිලිමීටර් 45.5ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර, සමනල වැව ජල විදුලි බලාගාරය ආශ්‍රිත ප්‍රදේශයට මිලිමීටර් 49.5 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
මාවුස්සාකැලේ ජලාශය ආශ්‍රිතව ලැබී ඇති වර්ෂාපතනය මිලිමීටර් 30 ක්.
මේ අතර, පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් පන් ලක්ෂ 98,000 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.