Gossips

ආසියාතික මළල ක්‍රීඩා ශූරතාවලියට හිමාෂ සහ ගයන්තිකා

දෝහා කටාර් හි කලීෆා ක්‍රීඩාංගණයේදී ඉරිදා ආරම්භ වන 23 වන ආසියාතික මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා හිමාෂ ඒෂාන් සහ ගයන්තිකා අබේරත්න සහභාගි වනවා.
හිමාෂ මේ වසර මුලදී පැවති ජාතික මළල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 100 ඉසව්වෙන් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.
ඔහු එහිදී වාර්තා කළ කාලය තත්ත්පර 10.22ක්.
ඊට අමතරව හිමාෂ දෝහා ආසියාතික මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 200 ඉසව්ව සඳහා ද තරඟ වැදීමට නියමිතයි.
ඔහු එම ඉසව්වෙන් වාර්තා කර ඇති හොඳම කාලය තත්ත්පර 21.17ක්.
ආසියාතික තරගාවලියට සහභාගි වන ගයන්තිකා අබේරත්න මීටර් 800 ඉසව්වෙන් පදක්කමක් ජයග්‍රහණය කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ඇය කාන්තා මීටර් 1500 ඉසව්වට ද සහභාගිවීමට නියමිතයි.
හිමාෂ සහ ගයන්තිකා තරගාවලියේ සමාරම්භක දිනය වන ලබන ඉරිදා මූලික තරඟවලට සහභාගි වනු ඇති.