Gossips

ගලබොඩ ඇල්ලේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අතුරුදන්

නාවලපිටිය ගලබොඩ ඇල්ල නැරඹිමට පැමිණි පාසල් සිසුවෙකු ජල පහරට හසුව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි පාසල් සිසුවෙක්.
ඊයේ සවස 3ට පමණ සිසුවා සිය පෙම්වතිය සමඟ මෙම ස්ථානයට පැමිණ ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා දිය නාමින් සිටියදී ජල පහරට හසුව එකවරම පාසල් සිසුවා අතුරුදන් වී තිබෙනවා.
මොවුන් දෙදෙනා ගලබොඩ ඇල්ල නැරඹිමට පැමිණ ඇත්තේ ගම්පොල ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගී වන බව පවසමින්.
මිය ගිය පාසල් සිසුවාගේ සිරුර සොයා නාවික හමුදාව අද දිනයේදී මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි අප වාර්තාකරු පැවසුවේ.
නාවලපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.