Gossips

බස් රථයක් පෙරළි දෙදෙනෙකු රෝහලේ – (ඡායාරූප)

බදුල්ල සිට යාපනය දක්වා ධාවනය වෙමින් තිබු ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් කිලිනොච්චිය මුරුකන්ඩි ප්‍රදේශයේදී පෙරළි ගොස් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බස් රථයේ ගමන් කල පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකල බවයි පොලිසිය පැවසුවේ.
අද (19) අලුයම 4ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.