Gossips

හිරු ධර්ම ප්‍රදීපය අද හෝමාගම – පිටිපන පුරාණ රජමහා විහාරස්ථානයේදී

අදට යෙදෙන බක්පුර පසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන සංවිධාන වන්නේ හෝමාගම – පිටිපන පුරාණ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙනයි.
ඒ අනුව සුවිශේෂී ආගමික වැඩසටහන් රැසක් ඔබ වෙත සමීප කිරීමට හිරු එෆ්.එම්. සූදානමින් සිටින්නේ සම්බුදු චරිතාපදානය මෙන්ම දහම් කරුණු රැසක් පිළිබඳව ශ්‍රාවක ඔබ දැනුවත් කරමින්.
අද බක් පොහෝදා උදෑසන 06.00 ට අෂ්ඨාංග ශීලයේ සමාදන් කරමින් හිරු ධර්මප්‍රදීපය ආරම්භ වුණා.
එහිදී පිරිස අෂ්ඨාංග ශීලය සමාදම් කරමින් සහ ධර්මානුශාසනාව පවත්වනු ලැබුවේ අචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය හෝමාගම සීලවංශ ස්වාමීන් වහන්සේ විසින්.
උදෑසන 07.30ට සජීවි විශේෂ ධර්ම දේශනයක් පැවැත්වෙන අතර, පූජ්‍ය පිටිගල ධම්මවිනීත ස්වාමීන් වහන්සේ විසින් ‘මනස’ ගැන විග්‍රහ කරමින් මෙම ධර්ම දේශනාව සිදුකරනු ලබනවා.
විශේෂ ධර්ම සාකච්ඡාව පැවැත්වෙන්නේ පෙරවරු 08.30 සිට 10.00 දක්වායි. පරෝපකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා වන අතර ඒ සඳහා පූජ්‍ය වතුරවිල සුජාත හිමියන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය මහින්ද හේරත් සහ මනෝ විද්‍යා උපදේශක කමල් ජයසේකර සහභාගි වනවා.
පසුව කාලි යක්ෂණියගේ කතා පුවත විවරණය කෙරෙන කාව්‍යමය ධර්ම දේශනාව පූජ්‍ය මස්සන්නේ විජිත ස්වාමීන් වහන්සේ විසින් සිදුකරනු ලබනවා.
එමෙන්ම පස්වරු 12 සිට 1 දක්වා පන්සිල් සුරැකීම පිළිබදව ධර්ම සාකච්ඡාවක් පැවැත්වෙන්නේ මහානාම විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය සියඹලාගොඩ ධම්මින්ද හිමියන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සේනාරත්න කාරියවසම් සහ ප්‍රවීන ජ්‍යෙතිර්යවේදී නිශාන්ත පෙරේරාගේ සහභාගීත්වයෙන්.
තවත් ධර්ම සාකච්ඡා ඇතුලූ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් රැසක් අද හිරු ධර්මප්‍රදීපය වැඩසටහන යටතේ හෝමාගම – පිටිපන පුරාණ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සිදුකිරීමට නියමිතයි.