Gossips

21 වන දා තෙක් තද වැසි

තද වැසි තත්ත්වය ලබන 21 වන දා දක්වා පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ ඉදිරි දින දෙක තුළත් පස්වරු කාලයේදී තද වැසි ඇති විය හැකි බවයි.
මේ අතර, වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට පානීය ජලය ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ.