Gossips

සජිත්, රවී අදත් ගැටෙයි

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස හා එම පක්ෂයේ උප නායක රවී කරුණානායක යන මහත්වරුන් අතර මේ දිනවල මතුව ඇති මත ගැටුම දිනෙන් දින උණුසුම් වනවා.
වලස්මුල්ල ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තමන් තනතුරු ලබාගන්නේ ජනතාවගේ කැමැත්තෙන් මිස වෙනත් ක්‍රමවලින් නොවන බවයි.
මේ අතර නම තිබුණද සැමටම ජනතා ගැටලු විසදිය නොහැකි බව රවී කරුණානායක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අද දඹුල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මේ අතර සජිත් ප්‍රේමදාස හා රවී කරුණානායක අමාත්‍යවරුන් අතර හටගෙන ඇති මතභේදාත්මක තත්ත්වය පිළිබඳව එම පක්ෂයේ නියෝජිතයින් ඇතුළු පිරිස් අදත් විවිධ අදහස් පළ කළා.