Gossips

ගල්කිස්ස ශාන්ත තෝමස් ක්‍රිකට් නායකයාට පහර දුන් පුද්ගලයෙකු රිමාන්ඩ්

වයස අවුරුදු 19න් පහළ සමස්ත ලංකා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරඟයේදී ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායමේ නායකයාට පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු ලබන 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, සැකකරු ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී වෙත අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පොලීසිය එහිදී අධිකරණයට කරුණු වාර්තා කරමින් සදහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් 20කට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමට සිටින බවයි.
ගාල්ලේ පැවති තරඟයේදී ශාන්ත තෝමස් කණ්ඩායම තරඟය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මෙම පහරදීම සිදුකර තිබුණා.