Gossips

උසස් පෙළ සිසුවෙකු ගෙළ වැලලා ගනී (ඡායාරූප)

වවුනියාවේ පාසලක උසස් පෙළ පන්තියේ ඉගෙණුම ලබන සිසුවකු ඔහුගේ නිවසේ කාමරයක් තුළ ගෙළ වැලලාගෙන මියගොස් සිටියදී ඊයේ (17) එම සිසුවාගේ මල සිරුර සොයාගෙන තිබෙනවා.
මෙම සිසුවා අවුරුදු දිනවලදී ඔහුගේ මිතුරන් සමග ඉතා විනෝදයෙන් සිටි බවත් ඔහුට සියදිවි හානි කරගැනීමට තරම් ප්‍රශ්නයක් නොතිබූ බවත් මියගිය සිසුවාගේ පියා පොලීසියට පවසා තිබෙනවා.
රවීන්ද්‍රන් දුෂීතන් නැමති මෙම සිසුවා වවුනියාව බණ්ඩාරිකුලම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ සිටි අවස්ථාවේදී ඔහුගේ දෙමාපියන් නිවසට අවශ්‍ය භාණ්ඩ මිලට ගැනීම සදහා නගරයට ගොස් ඇතිබව සඳහන්.
ඔවුන් ආපසු පැමිණෙන අවස්ථාවේදී සිසුවාගේ කාමරය වසා තිබූ නිසා දෙමව්පියන් සිතා ඇත්තේ ඔහු කිසියම් අවශ්‍යතාවයකට නිවසින් බැහැරට යන්නට ඇති බවයි.
බොහෝ වේලාවක් ඔහු නොපැමිණි නිසා ඔහුගේ දුරකතනයට නිවසේ අය ඇමතුමක් ලබා ගත් අවස්ථාවේදී සිසුවාගේ දුරකතනය නාද වී ඇත්තේ වසා දමා තිබූ කාමරයෙන්.
මේ හේතුවෙන් ජනේලය විවෘත කොට බලන විට සිසුවා ඔහුගේ කාමරයේ බාල්කයක ගෙළ වැලලාගෙන සිටින අන්දම නිවසේ අය දැක තිබෙනවා.
මේ බව වවුනියාව පොලීසියට දැණුම් දීමෙන් පසුව පොලීසිය පැමිණ නිවසේ දොර විවෘත කොට මියගිය සිසුවාගේ මළ සිරුර පරීක්ෂණ කටයුතු සදහා වවුනියාව මහ රෝහල වෙත රැගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
වවුනියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.