Gossips

ආසියානු මළල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳ සූදානමක්

ආසියානු මළල ක්‍රීඩා තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.
ලබන 21 වනදා සිට 24 වනදා දක්වා කටාර් හිදී ආසියානු මළල ක්‍රීඩා තරගවලිය මෙවර පැවැත්වෙන්නේ 23 වන වරටයි.
ශ්‍රී ලංකාව නියෝජනය කරන මළල ක්‍රීඩා කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16 දෙනෙකු ඇතුළත් වන අතර, එහි නායකත්වය පැවරී ඇත්තේ නිමාලි ලියනාරච්චිටයි.
තරගාවලිය සඳහා දිවයිනෙන් පිටව යාමට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඇය කියා සිටියේ මෙවර තරගාවලියේදී උපරිම දක්ෂතා දැක්වීමට කණ්ඩායමේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම්ව සිටින බවයි.