මුලතිව් – මුල්ලියාවලෙයි ප්‍රදේශයේදී අධික උෂ්ණත්වය හේතුවෙන් විජලනයට ලක්ව පුද්ගලයෙකු ඊයේ මියගොස් තිබෙනවා.
51 හැවිරිදි මෙම පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
මොහු සිය එළුවන් රැළ කැලයට රැගෙන ගොස් සුපුරුදු පරිදි විවේක ගැනීමට සාදා ඇති තාවකාලික කූඩාරම වෙත ගොස් ඇති අතර එහි සිටියදීයි මොහු මෙලෙස මියගොස් ඇත්තේ.
මෙම පුද්ගලයා කූඩාරම තුල මියගොස් සිටින අන්දම ප්‍රදේශවාසීන් දැක ඒ පිළිබඳව මුල්ලියාවලෙයි පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිය පැමිණ මොහු මාංචෝලෙයි රෝහලට රැගෙන ගොස් තිබුණා.
මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිගමන වී ඇත්තේ අධික හිරු රැස් පතිත වීම නිසා ඇති වූ විජලනය හේතුවෙන් මොහු මියගොස් ඇති බවටයි.
මියගිය පුද්ගලයා ප්‍රමාණවත් ලෙස ජලය පානය කොට නොමැති බවටද වෛද්‍යවරුන් මරණය සම්බන්ධයෙන් හේතු දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇද හැළුනද පවතින උණුසුම් තත්ත්වය මේ මාසය අවසන් වනතුරු පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් තද අකුණු සහ වැසි තත්ත්වය තවදුරටත් පවතින බවයි ඔවුන් අද පෙරවරුවේ කියා සිටියේ.
ඒ අනුව සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වලට මෙන්ම මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.