බක්මහා උළෙලක පාපැදි තරගය ජයග්රහණය කළ පුද්ගලයා, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් යටකර පලායාමේ පුවතක් හබරණ ගනේවල්පොල ප්රදේශයෙන් වාර්තා වනවා.
පොලිසිය සදහන් කලේ හබරණ ඊරියගොල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකු මෙම අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි. හබරණ වෙළඳ සංගමය විසිනුයි අද මෙම බක්මහා උළෙල සංවිධානය කර තිබුනේ.
උදෑසන පාපැදි තරගය පවත්වා ඇති අතර එහි ජයග්රහකයා තරගය නිමකිරීමට පෙර යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔහු යටකර පලා ගොස් තිබෙනවා.
පලාගිය පුද්ගලයින් සොයා මේ වන විට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්.