Gossips

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

කළුතර – වැලිපැන්න – කරපාගල ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ එම උණ්ඩ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ මෙම වැටලීම සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මිලිමීටර 9 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි මෙම ගිනි අවිය ලඟ තබාගෙන සිටි සැකකරු කරපාගල ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.