Gossips

‘‘රාවණ – වන්’’ සාර්ථකව අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත

මෙරට ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙපලක් විසින් නිර්මාණය කළ ‘‘රාවණ – වන් ’’ චන්ද්‍රිකාව අද අලූයම 2.16 ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලැබුවා.
ඇමරිකාවේ – වර්ජනියා ප්‍රාන්තයේ සිට නාසා ආයතනයට අයත්, අන්තරෙස් රොකට්ටුව ආධාරයෙන් එය පෘථිවියේ සිට කිලෝමීටර් 400 ක් පමණ ඉහළින් පිහිටි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලැබුවේ සිග්නස් අභ්‍යවකාශ යානය මගින්.
ජපානයේ කි්‍යුෂු සරසවියේ බර්ඞ්ස් නමැති විශේෂ ව්‍යාපෘති යටතේ නිපදවූ ‘‘රාවණ – වන් ’’ චන්ද්‍රිකාව ඝණ සෙන්ටිමීටර් දහසක පමණ ප්‍රමාණයකින් සහ කිලෝග්‍රෑම් 1 යි දශම 1 ක බරකින් යුක්ත වනවා.
මෙවැනි චන්ද්‍රිකා ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සහ මෙම චන්ද්‍රිකාවට ‘‘රාවණ – වන් ’’ ලෙස නම් තබනු ලැබුවේ ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්නගේ යෝජනාවකට අනුවයි.
රාවණාගේ ගුවන් තාක්ෂණය ලොවට කියාපෑම එහි අරමුණ වී තිබුණා.
මෙම චන්ද්‍රිකාව නිර්මාණය කිරීම සදහා දායක වූ ආතර් සී.ක්ලාක් මධස්ථානයේ පර්යේෂණ ඉංජිනේරු තරිඳු දයාරත්න, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි සහ ඉංජිනේරු උපාධිධාරියෙක්.