Gossips

කොළොන්නාව නගර සභාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා සමඟ 2 ක් අල්ලයි

කොළොන්නාව නගර සභාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසියට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදියි මෙම අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4 ක් සහ කේරළ ගංජා කිලෝ 03 ක් කොළොන්නාව නගර සභාව තුළ තිබී සොයා ගෙන ඇත්තේ.
වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවෙකු පොලිසියෙන් මිදී පළා ගොස් තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් දෙදෙනා නගර සභාවේ සේවකයන් දෙදෙනෙකු බවයි පොලිසිය සදහන් කළේ.