Gossips

සිංගප්පුරු සංචාරය නිමවා අගමැති දිවයිනට

සිංගප්පුරු නිල සංචාරය අවසන් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යළි දිවයිනට ළගාවී තිබෙනවා.
අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ රාත්‍රී 9 ට පමණ සිංගප්පුරුවේ සිට පැමිණි යානයකින් අගමැතිවරයා ඇතුලු දුත පිරිස කටුනායක ගුවන්තොටුපලට පැමිණි බවයි.
සිංගප්පූරුවේ පැවැති ඉන්වෙස්ට් ශ්‍රී ලංකා සමුළුව සඳහායි අගමැතිවරයා සිංගප්පුරුව බලා පිටත්ව ගියේ.
මෙම සංචාරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ සිංගප්පූරු වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය එස්.ඊස්වරන් අතර, හමුවක් ද පැවැත්වුණා.
එහිදී සිංගප්පුරුව සහ ශ්‍රී ලංකාව අතර මේ වසරේදී අත්සන් තැබුණු නිදහස් වෙළඳ ගිවිසුම පදනම් කර ගනිමින් දෙරට අතර, වෙළඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් කරලීමේ අවශ්‍යතාව අවධාරණය කෙරුණු බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.
සිංගප්පුරුවේ – ෆෝ සීසන්ස් හෝටලයේ පැවති මෙම සාකච්ඡාවේදී දෙරට අතර පවතින නිදහ් වෙළඳ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකිරීමට සිංගප්පුරු ව්‍යවසායකයින් අපේක්ෂාවෙන් සිටින බව ද හෙළි වුණා.
ඒ අනුව, එම කටයුතු පහසු කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා සහ එරට වෙළඳ අමාත්‍යවරයා සාකච්ඡා කර තිබෙනවා.