Gossips

ශ්‍රී ලාංකික කාන්තාවක් සඳ මත පා තැබූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන පුවතේ ඇත්ත නැත්ත මෙන්න

ශ්‍රී ලාංකික කාන්තාවක් සඳ මත පා තැබූ බවට පළවන පුවතේ ඇත්ත නැත්ත මෙන්න
කල්පනා සෙව්වන්දි නමැති තරුණියක් අභ්‍යවකාශයට පා තැබූ බව කියන පුවතක් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ යම් සටහනක් පළවී තිබෙනවා.
එම සටහනේ දැක්වෙන්නේ ඇය හොරොව්පතා ප්‍රදේශයේ ඉපදුනු බවත් ඉගෙනීමෙන් අනතුරුව ඉන්දියානු ජාතිකයෙක් සමග විවාහ වී එක්සත් ජනපදය බලා පදිංචියට ගිය බවයි.
එම පුවත හා සම්බන්ද ඡායාරූපවළින් දැක්වෙන්නේ අභ්‍යාවකාශයට ගිය පළමු කාන්තාව ලෙස හැදින්වෙන ඉන්දීය ජාතික කල්පනා චව්ලා නමැති කාන්තාවක් පිළිබඳවයි.
ඇය 2003 වසරේදී Space Shuttle Columbia නමැති අභ්‍යාවකාශ යානය පුපුරා යෑමෙන් ඇය ජීවිතක්ෂයට පත්වූ බව වැඩිදුරටත් සඳහන්.
මේ පිළිබඳව අප කළ සොයාබැලීමකදීද හෙළිවුයේ මෙය සම්පූර්ණ අසත්‍ය පුවතක් බවයි.
එමෙන්ම කල්පනා චව්ලා නමැති තරුණිය පිළිබඳව සවිත්තරාත්මක ලිපියක් විකිපීඩියා තුළද දක්නට ලැබෙනවා.
එම ලිපිය මෙතනින් බලන්න