Gossips

සංවර්ධනයට බාධා කරන, අමාත්‍යාංශ ලේකම් මාෆියාවක් ගැන විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් චෝදනා

අමාත්‍යාංශ ලේකම්වරුන් අතර, ක්‍රියාත්මක වන මාෆියාවක් හේතුවෙන් රජයේ ඇතැම් ව්‍යාපෘති අඩපණ වී ඇති බවට, විගණකාධිපති දෙපාර්තමේන්තුව චෝදනා කරනවා.
විදුලිබල අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ඇතුළු තවත් අමාත්‍යාංශ ගණනාවක ලේකම්වරුන්ට ඊට අදාළව විවිධ අන්දමින් චෝදනා එල්ල වී ඇති බවටයි එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
ඇතැම් ව්‍යාපෘතීන් ක්‍රියාත්මක නොකිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන් අත්තනෝමතික අයුරින් ක්‍රියා කරමින් සිටින බවට ද චෝදනා එල්ල වන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියා.
මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් ද ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරුන්ට චෝදනා එල්ල වන බවයි විගණකාධිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ.