Gossips

ඩුබායි සිට පැමිණි හය දෙනාගෙන් එක් අයෙක් කොළඹ අපරාධ කොට්ඨාශය භාරයට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකදුරේ මධුෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ සිට මෙරටට පිටුවහල් කල 6දෙනා අතර සිටි ගයාන් බුද්දිම පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ අපරාධ කොට්ඨාශය භාරදී තිබෙනවා.
අද (17) අලුයම 4.45 ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් මෙම පිරිස දිවයිනට පැමිණියා.
පිරිස අතර නිලාන් රොමේෂ් සමරසිංහ නැමති මධුෂ්ගේ ඥාති සහෝදරයෙකු ද සිටිනවා.
කටුනායක ගුවන් තොටුපේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් අනෙක් 5 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබාදී තිබෙනවා.