Gossips

අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිබල උත්පාදනයට බ්‍රිතාන්‍යයේ සහය

අපද්‍රව්‍ය යොදාගෙන විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට බ්‍රිතාන්‍ය රජය කැමැත්ත පළ කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් විදුලිබල අමාත්‍ය රවී කරුණානායක හමුවූ අවස්ථාවේ මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කළ බවයි විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ.
මෙය, ඉදිරියේදී ඇතිවිය හැකි විදුලිබල අර්බුදයට විසඳුමක් වශයෙන් සහ දෛනිකව ඉහළ යන විදුලි ඉල්ලූමට සරිලන සැපයුමක් ලබාදීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහනේ වැදගත් සන්ධිස්ථානයක් බවද අමාත්‍යාංශය පෙන්වා දෙනවා.