Gossips

සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය තරුණියක් පර්වතයකින් පහළට වැටී මියයයි

ඇමරිකාවේ අර්කන්සාස් ප්‍රාන්තයේ ඔසාක් ජාතික වනෝද්‍යානය නැරඹීමට ගිය 20 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් සෙල්ෆි ඡායාරූපයක් ගැනිමට යාමේදී පර්වතයකින් පහළට ඇද වැටී මියගොස් තිබෙනවා.
ඇය විශ්වවිද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් සමඟ වනෝද්‍යානය නැරඹීමට පැමිණ ඇති අතර එහිදී මෙම අනතුරට මුහුණපා ඇති බව සඳහන්.
අනතුර ඇසින් දුටු පුද්ගලයෙකු ප්‍රකාශ කර ඇත්තේ විවිධ ඉරියව්වලින් සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටින අවස්ථාවේ ඇය අඩි 100 ක පමණ ප්‍රපාතයකට ඇද වැටුනු බවයි.